ඉන්දීය ධීවරයින් 5ක් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට
උතුරු මුහුදු සීමාවේ නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානය මගින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදී සැකකාර ඉන්දීය ධීවරයින් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.
