ඉන්ධන මිල ඉහළට – ලංකා IOC මිලත් ඉහළට
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 2 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇත.
ඔටෝ ඩීසල්වල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවද මුදල් අමාත්‍යංශය සදහන් කළේය.
නව මිල ගණන් පහතින් වේ.

මේ අතර ලංකා IOC සමාගම ද ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ද ඉහල දමා ඇත.
ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 166ක් වන අතර, සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් වේ.
කෙසේවෙතත් IOC සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඞීසල් මිල ගණන් සංශෝධනය කර නොමැත.
