ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මල සිරුරක් ගොඩ ගැනේ
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මල සිරුරක් අද (04) උදැසන ගොඩ ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.
ඉහල කොත්මලේ ජලාශය මධ්‍යයේ මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් දැක එ බැව් තලවකැලේ පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩ ගෙන පරික්ෂා කිරිමේදි එය කාන්තා මල සිරුරක් බවට තහවුරු වි ඇත.
දින කිහිපයක් ජලාශයේ මෙම මල සිරුර තිබෙන්නට ඇති බවත්, මල සිරුර හදුනාගත නොහැකි ආකාරයට නරක් වි තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ජලාශයේ තිබි ගොඩ ගත් කාන්තා මල සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මල සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ