උඩරට මැණිකේ ඔත්පල වී දින හතක්
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර අදට (02) දිනට හතකි.ඒත් සමග කදුකරයේ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් අකර්මණ්‍ය වී තිබේ.
දුම්රිය සෙවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කල ඉකුත් 25 වන දා මධ්‍යම රාත්‍රියේදි හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබු මෙම දුම්රිය තවමත් එම ස්ථානයේ එලෙසම නවතා තිබේ.
එදින සිට දින හතක් වන අද දිනය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොකෙරුණු අතර වර්ජනය ආරම්භයේ නතර කරනු ලැබු මෙම දුම්රියේ තිබු තැපල් මලු රැසක් තැපැල් දෙපාර්තමේන්තුවේ හැටන් කාර්යාලයේ බාරයට ගෙන අධාල ප්‍රදේශ වෙත බෙදා හැරිමට පියවර ගනු ලැබීය.
වර්ජනය ආරම්භයේ දුම්රිය නොමැතිය කාර්යාල සේවකයින් හා සාමාන්‍ය මගීන් පමණක් අපහසුතාවයට පත්වුවත් පසුගිය සදුදා සිට පාසල් ශිෂ්‍ය ශිෂ්යයාවන්ද දැඩි අසීරූතාවයට පත්ව සිටිති.එමෙන්ම දුම්රිය ස්ථාන ආශ්‍රිතව රැකියා කරන ආපන ශාලා.ත්‍රිරෝද රථ හා වෙනත් ප්‍රවාහන සේවා සැපයීම ආදි සේවා සපයන වෘත්තීන් රැසක හා දුම්රියේ රටකජු වඩේ විකුණන පුද්ගලයා දක්වා මෙම වර්ජනය නිසා අපහසුතාවයට පත්ව තිබේ.
ඒ අතර කඳුකරයේ දෙස් විදෙස් සංචාරක කර්මාන්තයටද මෙම වර්ජනය මරු පහරක් බවට පත්ව ඇත.උඩරට ප්‍රදේශයේ සෞන්දර්යාත්මක ස්ථාන රැසක් දුම්රිය මාර්ග ආශ්‍රිතව පිහිටා තිබීම නිසා බහුතරයක් විදේශිකයින් මෙම ප්‍රදේශයේ සංචාරය කරනුයේ දුම්රියෙනි.
එබැවින් වර්ජනය හේතුවෙන් මෙවන් ක්ෂේත්‍ර රැසක් අකර්මණ්‍ය වී ඇති අතර එය ඔවුන් සියල්ලගේ ආර්ථිකය කඩා වැටිමට හේතුවක් වී තිබේ.


හැටන් – චන්දන ජයවීර
