News

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාසල් නිවාඩු කාලය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම විශේෂ දුම්රිය සේවාව අද සිට ක්‍රියාත්මකයි.

කොළඹ-කොටුව සහ බදුල්ල අතර එම දුම්රිය සේවාව ජනවාරි මස 5 වන දින දක්වා ක්‍රියාත්මක බවයි දුම්රිය සේවය සදහන් කළේ.

පෙරවරු 7.30ට කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා විශේෂ දුම්රියක් අද(07) සිට දවසක් හැර දවසක් ධාවනය කිරීමට නියමිතයි.

එමෙන්ම බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයට දුම්රියක් යොදවා ඇති අතර එය හෙට (08) සිට දවසක් හැර දවසක් ධාවනය වන බව ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර උත්සව සමය ඉලක්ක කර ලබන 20 වන දා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මක බවයි.

ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසුවා.

එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කිරීමට නියමිතයි.