News

උතුරට තවත් විශ්වවිද්‍යාලයක්

යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කරයි.

අද (15දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ අතර මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.