News

උතුරේ දේශපාලන තත්ත්වය ගැන කැනඩා මහකොමසාරිස් උතුරු පළාත් හිටපු අමාත්‍ය සමග සාකච්ඡා කරයි

මෙරට කැනඩා රාජ්‍ය මහ කොමසාරිස් ඩේවිඩි මැකිනොන් මහතා හා උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා අතර සාකච්ජාවක් ඊයේ (27) වවුනියාව පිහිටි සත්‍යලිංගම් මහතාගේ කාර්යාලයේදී පැවැත්විණ.

වර්තමනයේ උතුරු පළාතේ දේශපාලන තත්වය, ඉදිරි ජනාධිපතිවරණය හා ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කැනඩා මහකොමසාරිස්වරයා හා උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා අතර සාකච්ජා පැවැත්විණ.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කරනු ලැබීය.

උතුරු පළාතේ යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිතය නඟා සිටුවීමට හා උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙසටද ‍සත්‍යලිංගම් මහතා එහිදි ඉල්ලීම් කළේය.

සාකච්ජාවන් වෙනුවෙන් කැනඩා නියෝජිතයින් වන ෂර්මලා නයි‍ඩෝ මහත්මිය ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය