උතුරේ සාගර කලාපය දැඩි ලෙස රළුවෙයි
උතුරු පළාතට බලපා ඇති වැසි සහිත තත්වය මත උතුරු පළාත අවට සාගර කලාපය දැඩි ලෙස රළු වි ඇති බව පළාතේ ධීවර ජනතාව පවසති.
උතුරේ ධීවරයින් පැවසූවේ මන්නාරම සිට යාපනය හරහා මුලතිව් දක්වා වන වෙරළ තීරය එලෙස දැඩි ලෙස රළු වි ඇති බවයි.
මුහුද රළුවීම හේතුවෙන් ප්රදේශයේ ධීවර කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උද්ගතවි ඇති අතර, වෙරළ සීමාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ධීවරයින් පැවසූහ.
ධීවර ජනතාව පැවසූවේ තමන්ගේ ධීවර යාත්රා වෙරළෙන් ඔබ්බට ගෙනැවිත් රදවා ඇති අතර, වර්ෂාව තවදුරටත් පැවතියහොත් දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවන බවද ධිවරයින් සදහන් කළහ.
වවුනියාව – මාධව කුලසූරිය