News

උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනේ

අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වෙරළ තීරයට ගොඩගසා තිබූ බහලුම් දෙකක තිබී අදාළ ජීව අත්බෝම්බ දෙක සොයාගෙන ඇති අතර එස්.එෆ්.ජී. 87 වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් මෙලෙස සොයාගෙන ඇත.

එම අත් බෝම්බ මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන් යනු ලබයි.