උ. කොරියාව යළිත් මිසයිල අත්හදාබලයි
ජපාන මුහුදට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව – භයානක අවියක් ලෙස සැලකෙන බැලස්ටික් මිසයිල අත්හදාබැලීම උතුරු කොරියාවට තහනම් ය.
දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර තිබේ.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් “කහ මුහුද” ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමක ය.
ජපානය පැවසුවේ, උතුරු කොරියාව එරට වේලාවෙන් උදෑසන 7 ට අත්හදා බැලූ මෙම මිසයිල දෙක කිලෝ මීටර් 420ක් සහ 430ක් ලෙස ඉහළට ගොස් මුහුදට පතිත වී ඇති නමුත් සිය මුහුදු කලාපයට කිසිදු සුන්බුන් කොටසක් වැටී නොමැති බවයි.