එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට සහාය දෙන බව TNA ජනපතිට කියයි
ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති අයුරින් එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා.
ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 14දෙනෙකුගෙන් අත්සන් ද තබා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙක් ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්රාමාත්යධුරයට පත් කරන ලෙසයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ.

