News

එක්සත් ජාතික පෙරමුණ ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙයි.