News

එජාපයේ අරමුණ අගමැති කියයි

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ සිංගප්පූරුව, ඩුබායි රාජ්‍යයන් අත්කරගෙන තිබෙන සංවර්ධනය මෙරට ඇති කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පිටකොටුව, ගුණසිංහපුර, අඩි 100 වෙළඳපොළ භූමියේ ඊයේ (21) දින පැවැති පිටකොටුව ස්වයං රැකියා ලාභීන්ගේ හා පදිකවෙළඳුන්ගේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

පොඩි මිනිසගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය නොවැම්බර් 16 වැනි දින සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් කර පොඩි මිනිසගේ ආර්ථිකය ආරක්‍ෂා කර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මේ රටේ “පොඩි මිනිහගේ” ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නිදහස් ආර්ථිකය හදුන්වා දුන්නා. කොළඹ “පොඩි මිනිහගේ” ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ශක්තිය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන් බව සඳහන් කරන්න කැමතියි.යි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුතණුවන් වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොවැම්බර් 16 වනදා ඡන්දය ලබාදී “පොඩි මිනිහගේ” ආර්ථිකය ආරක්ෂා කර ගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.