News

එජාපයේ ජනපති අපේක්ෂකයා හා නව සන්ධානය බිහි කිරීම තවදුරටත් කල්යයි

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීම තවදුරටත් කල් යනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සැප්තැම්බර් මස 6 වන දා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා සහ නව සන්ධානය බිහි කිරීමට මීට පෙර තීරණය කර තිබි ඇති අතර මෙම සතිය අවසන්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මීට පෙර ඉල්ලීමක් කර ඇත.

නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වෙයි.