එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක් අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එයට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින බවට වාර්තා වෙයි.
