News

එජාපයේ පිරිසක් සජිත් සමඟ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇත.

මෙම සාකච්ඡාව රාත්‍රී 12 දක්වා පැවැත්වුණු බව වාර්තා වන අතර එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක්ද එක්ව සිට ඇති බව වාර්තා වෙයි.