එජාප ජනපති අපේක්ෂකයා තීරණය කිරීම හවුල්කාර පක්ෂවල එකඟතාව මතයි
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාර පක්ෂවල එකඟතාව මත සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පෙරේදා (08දා) රාත්රියේදී පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතවට පැමිණ ඇති අතර එම පක්ෂයේ ජනපති අපේක්ෂක ධුරයට තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී දැනුම් දි ඇති බව වාර්තා වෙයි.
ඒ පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන හවුල්කාර පක්ෂවල එකඟතාව හා සහයෝගය ලැබෙන අපේක්ෂකයා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීම වඩාත් සුදුසු බව නායකයින් දෙදෙනා සාකච්ඡා කර ඇත.
