News

එතෙර දී හිරිහැර වලට ලක් වූ පිරිසක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

දිවයිනට පැමිණි පිරිස අතරින් වැඩි පිරිසක් එරට ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් බව වාර්තා වේ.

පැමිණි පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .