News

එන්නත්කරණ වැඩසටහන විද්‍යාත්මක මූලධර්මවලට පටහැනි

 

 

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොවිඩ් මර්ධන එන්නත් කරන ක්‍රියාවලිය මුලික විද්‍යාත්මක මුලධර්ම වලට පටහැනි වීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය වැඩි දුරටත් පෙන්වාදෙන්නේ එන්නත්කරණ සැලැස්ම අනුව ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබුවේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සහ කොවිඩ්-19 වැළක්වීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලට ඝෘජු සම්බන්ධයක් ඇති පිරිස්, අවුරුදු 60ට වැඩි පිරිස, බෝනොවන රෝගවලින් පෙළෙන අය යන පිරිස බවය.

නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව ඔවුන් පෙන්වා දෙනවා.