News

එල්.ටී.ටී.ඊ ප්‍රවර්ධනය කළ කාන්තාවක අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ , LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන ලෙස Youtube නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනව මතය.

ඔවුන් යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.