එළවළුවලට සාධාරණ මිලක් ඉල්ලා වැලිමඩ ගොවීන් සටනට
මේ වන වට ඉතාම පහළට වැටී ඇති එළවළු මිල සාධාරණ ලෙස ඉහළ නංවන ලෙස ඉල්ලා තමන් හෙට (4) වැලිමඩ නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වැලිමඩ ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.
එළවළු මිලට සාධාරණයක් ඉල්ලා ගොවීන් 4000ක ගේ අත්සනින් යුතුව වගකිව යුත්තන්ට පෙත්සමක් ඉදිරිපත් කළත් සාධාරණයක් නොවූ නිසා තමන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවද වැලිමඩ ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැදවුම්කරු තවලම්පොල ඒ.සී.එම්.රසීක් ෆරීඩ් මහතා පැවසීය.