එ.ජ.නි.ස මන්ත්‍රී කණ්ඩායමට හෙට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (05) දිනයෙත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ.
ඊට හේතුව ලෙස දිනෙෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ පාර්ලිමේන්තු සැසිවාර ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වීම හේතුවෙන් මෙම තීරණය එළඹි බවයි.