නවතම ප්‍රවෘත්ති

ඒකාබද්ධයේ උද්ඝෝෂණයට වතුකරයේ කිසිවෙක් නෑ – අධ්‍යාපන රාජ්‍ය ඇමති වේළුසාමි රාධක්‍රිෂ්ණන්

ඒකාබද්ධ විපක්ෂය හෙට (5දා) සංවිධානය කරන විරෝධය වැරදි බවත් ඒ සදහා වතුකරයේ කිසිවෙකුත් සහභාගි නොවන බවත් හිටපු ජනාධිපතිවරයා කරන මෙම වැඩ කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බවත් අධ්‍යාපන රාජ්‍ය ඇමති වෙළුසාමි රාධක‍්‍රිෂ්ණන් පවසයි.

විරෝධතා දැක්වුවත් මේ රජය ඉදිරියට යන බවත් ඒ සදහා ජනාධිපතිතුමන්ට සහ අගමැතිතුමන්ට තමන්ගේ සහාය ලබා දෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය. මහනුවර  පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.