ඔඩ්ඩිසුඩාන් බෞද්ධ නටඹුන් පවිත්‍ර කිරීමට විරෝධය
ඔඩ්ඩුසුඩාන්, කුරුන්දුර්මලෙයිහි බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට ඊයේ (4දා) පුරාවිද්‍යා නිලධාරීන් සමග භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව උත්සහ කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් ප්‍ර දේශයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්වී ඇති අතර භික්ෂූන් වහන්සේලාට දැඩි විරෝධයක් එල්ලකර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් හා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් ද විරෝධතාකරුවන් සමග සිටිමින් පවසා ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.