ඕමන්තේ ඉඩමක ආයුධ තොගයක්
ඕමන්ත,මහිලන්කුලම, ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ කිහිපයක් ඊයේ (02) සවස සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
ප්‍රදේශවාසියෙකු වගා කටයුතු සදහා සිය ඉඩමේ බිම සකසමින් සිටියදී මේ බෝම්බ තොගය දැක පොලිසිය දැනුවත් කොට තිබේ.
එහිදී මෝටාර් උණ්ඩ තුනක්, ආර්.පී.ජි.උණ්ඩයක් හා බිම් බෝම්බයක් සොයාගෙන ඇත. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (03) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බව ඕමන්ත පොලිසිය පවසයි.