කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අයිස් සමඟ අත්අඩංගුවට
පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ, කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (01) දින අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක්, කඩුවක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 43ක් වන කොටහේන ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.