කටුනායකට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් මත්තලට ගොඩබස්සවයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ මගීන් 58දෙනෙකුගෙන් සමන්විත ඕමාන් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බවයි.
එම යානය කාලගුණය යහපත් තත්ත්වයට පත්වූ විගස යළි කටුනායක බලා පියාසර කිරීමට නියමිතව තිබේ.
