News

කටුබැද්දේ විහාරස්ථාන ගොඩනැගිල්ලක ගින්නක්

මොරටුව, කටුබැද්ද ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ ගින්නක් හටගෙන තිබේ.

මොරටුව පොලීසිය පැවසුවේ අද (17) පෙරවරු 7.10ට පමණ එම විහාරස්ථානයේ තුන්වෙනි මහලේ ගින්න හටගෙන ඇති බවයි.

119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුව වහාම ගින්න නිවීම සදහා මොරටුව ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවීමට කටයුතු කර තිබේ.

මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.