කඩුවෙල බබී හෙරොයින් ග්රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ 1 ක් සමග අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන ‘කඩුවෙල බබී’ නමැති පුද්ගලයා කඩුවෙල – පිට්ටුගල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝග්රෑම් 01 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.