කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට 29 දක්වා වැසෙයි
කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට ලබන 29 වැනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය වසා තබන අතර එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
විකල්ප මාර්ග වශයෙන් අධිවේගි මාර්ගයේ ගුවන් පාලම භාවිතා කළ හැකි බව පොලිසිය දැනුම් දෙයි.