News

කතක් පවත්වාගෙන ගිය සූදු පොළක් වටලයි

මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී කාන්තාවන් විසින් මහා පරිමාණයෙන් මෙහෙය වන සූදු පොළක් වැටලීමට අඟුලාන පොලිසියට ඊයේ (28 වැනිදා) පාන්දර හැකි වී ඇත.

මෙහිදී කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 24 ත් 45 අතර අඟුලාන ප්‍රදේශයේම පදිංචිකාරියන් වේ.

මොවුන් අතර මුදල් පොලියට දෙන කාන්තාවන් ද වන බව පොලිසිය පවසයි.

අඟුලාන පොලිස් ස්ථානාධිපති සාරද ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර මුදල් ඔට්ටු මත කාලාන්තරයක් සිට මෙම සූදු පොළ පවත්වාගෙන යනු ලබන බව පොලිසිය පැවසීය. මෙම කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් මුහුදු රැකියාව සඳහා පිටත්ව ගිය පසු මෙම සූදු පොළ පවත්වාගෙන යනු ලබන බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

අඟුලාන පොලිසිය විසින් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දර්ශාන් කානිල් – මොරටුව