News

කථානායකගේ ලිපියට ජනපති දුන් පිළිතුරු

කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනපති විසින් පිලිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතය ඉදිරියේදී විනිශ්චයට භාජන වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළයුතු ආකාරය හා එය සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජනපති විසින් කථානායක කරූ ජයසූරිය මහතා ‌වෙත යොමු කළ ලිපිය පහතින් බලන්න…