කලා උපාධි රැකියා වියුක්තිය ගැන විගණන වාර්තාවක්
කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනයට නැඹුරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව අද (23දා) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සලකා බැලීමට නියමිතය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් හෙට (24දා) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා තිබෙන අතර, බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සලකා බැලේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය 10 වැනි දින අවසන් වරට කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී විමසා බැලේ.
එමෙන්ම බ්‍රහස්පතින්දා (25දා) වනජිවි දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
අජිත් අලහකෝන්