කසල තේ තොගයක් පොලිස් භාරයට
තේ කිලෝ ග්රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු ඊයේ (05) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර සඳහන් කරනවා.
ජනවාරි 18 වැනිදා ගෝනහේන කඳවුර මගින් අත්අඩංගුවට ගන්නා ලද කසළ තේ උසාවි නියෝගයක් මත විනාශ කිරීමට නියෝග දී තිබියදී හොර රහසේ එම කසල තේ උසාවි නියෝග වලට පටහැනිව නැවත ප්රවාහනය සඳහා සූදානම් කරමින් සිටියදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව තිබේ.