News

ක්‍රිකට් ආයතනයෙන් දිමුත්ට එරෙහිව පරීක්ෂණයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

බොරැල්ල කිංසි පාරේදී ඔහු පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරුණා.