කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරනවා – ඉරාන් වික්‍රමරත්න
ශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඒ සඳහා අවශ්‍ය නීති රීති ඉක්මනින්ම සම්පාදනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
කාන්තාවකට හැකියාව හා සදාචාරය අනුව රැකියාවක් ලැබිය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.