කැබිනට්ටුව අද රැස්වෙයි
කැබිනට් රැස්වීම අද(07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.
කැබිනට් රැස්වීම පවත්වනු ලබන්නේ සෑම සතියේ දිනකම අගහරුවාදා වුවද ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහන් කිහිපයක් එදිනට යෙදී ඇති බැවින් කැබිනට් රැස්වීම අද දිනයේ කැදවා ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ කැබිනට් අමාත්‍ය වරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ(06) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
පැයකට අසන්න කාලයක් මෙම සාකච්චාව පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙහිදී අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.