News

කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් කරන දේ රංගේ කියයි

මාසයක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තිර්ණයකට පැමිණේන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා පවසයි.

ආණ්ඩුව පිහිටවලා ඇමති මණ්ඩලය පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු බවත් නියෝජ්‍ය,රාජ්‍ය,කැබිනට් නොවන ඒවාගේ වාඩි වෙන්න බැරි බවත් වැඩ කරන්න කැබිනට් ඇමතිකමක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ඊයේ පැවති ගම්පෙරලිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දක්වා ඇත.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රංගේ බංඩාර මහතා පවසා සිටියේ තමන්ව වර්ණනා කරමින් ඒජාපයේ හැරවුම් ලක්ෂය කළ ඔහුට තමන්ට නිසි ඇගයිමක් නොලැබුණ බවයි.