කැලණි ගඟ ආශ්‍රිත අවදානම් කර්මාන්තශාලා 17ක් පවතී
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ කිසිදු සටහනක් නොමැති ඉතා ඉහළ අවදානමක් සහිත කර්මාන්ත ශාලා 17 පවතින බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අනාවරණය කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 06 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06කට අදාළව සැකසුණු වාර්තාවක් මගින් ඒ බව සඳහන් කරයි.
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත තුළ හා ඊ කාණ්ඩයට අයත් කර්මාන්තශාලා 294ක් අතරින් එම කාණ්ඩයේ කම්හල් 41 ක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති අතර කර්මාන්ත ශාලා 205 ක බලපත්‍ර අත්හිටුවා ඇති බව හෙළිවී තිබේ.