News

කිංග්ස්බරි බෝම්බකරුගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කරන ලෙස නියෝග

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට නියෝග කර ඇත.

එම ප්‍රහාරකයාගේ මෘත ශරීරය භාර ගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත..

එම නිසා එම දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇති අතර එම දේහය බොරැල්ල පොදුසුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර ඇත.