කිඹුලා ඇලේ ගුණාගේ සහෝදරයා ඇතුළු සිව්දෙනෙකු STF අත්අඩංගුවට
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින පතාල නායක “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ වත්තල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මධුරංග ප්‍රනාන්දු (31), තිළිණ මධුසංක (28) , එච්. සංගාරන් (40), මිරෙෂ් වී ප්‍රනාන්දු (28) යන අය වේ.
තිළණ මධුසංක නැමැත්තා “කිඹුලා ඇලේ ගුණා” නැමැත්තාගේ සහෝදරයා වේ.