කිරිපිටි මිල ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතුයි – පී. හැරිසන්
ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ආනයනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදුන් බවයි.
කිරිපිටි මිල ඉහළ දමන ලෙසට කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් ඒ සඳහා සකස් කළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළට.