කිරිපිටි මිල 15කින් නගී
මාස දෙකක සිට පොල් මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව පොල් වගාකරුවන් හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංගමයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පැවසීය.
ඒ අනුව රුපියල් 920.00 කට අලෙවි වූ කිලෝ ග්‍රෑමයක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 935.00 කි. වෙළෙඳපොළේ රුපියල් 375.00කට අලෙවි වූ ග්‍රෑම් 400 ක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 5.00 කින් ඉහළ නංවා ඇත.
අගෝස්තු මස පළමුවැනිදා සිට මෙම මිල නැංවීම ක්‍රියාත්මකයි. ජූලි මස 31 වැනිදාට පෙර නිෂ්පාදනය කළ කිරිපිටි නිෂ්පාදනවලට මෙම මිල අදාළ නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
චමින්ද සේනාරත්න
