කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන 03 දක්වා යළි රිමාන්ඩ්
කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා අද (19) කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අද (19) දින පැවැත්වීමට නියමිතව තිබූ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවද එදිනට කල් දමා ඇති අතර ග්රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසළදී තියුණු ආයුධවලින් පහරදී ආනමාලු රංගා නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
