කුඩු රොෂාන්, පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් අත්අඩංගුවට
මාදම්පිටිය කනත්තේදි සිදුකළ ද්විත්ව ඝාතනයකට සම්බන්ධව කුඩු රොෂාන් නමැති පාතාල නායකයා ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් 07දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී මදම්පේ කංකානම්ලාගේ දොන් ශාමල් චින්තක සිටින බවට අනාවරණය විය.
විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් යක්කල නේචර් ගාඩ්න් හෝටලයේ සිදුකළ සෝදිසි කිරීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මන්ත්‍රීවරයා යක්කල නේචර් ගාඩ්න් හෝටලයට පැමිණ ඇත්තේ කුඩු රොෂාන්ගේ කණ්ඩායම හමුවීමට බව විමර්ශනවලදී හෙළිකර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායම ඊයේ (04) රාත්‍රීයේ සිදුකළ විශේෂ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් අපරාධ කල්ලි සාමාජිකයින්ගේ නම් පහතින් වේ,
මොහොමඩ් ආරිෆ් මොහොමඩ් හුසේන් නොහොත් ආජි
තුප්පයි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන්
තුප්පයි ආරච්චිලාගේ රන්දෙව් නොහොත් වප්පු
කළුතන්ත්‍රිලාගේ දොන් තුෂාර මදුරංග පෙරේරා නොහොත් තුෂාර
රණවීර දොන් දිනේෂ් රංග නොහොත් කුකුල් රංග
මහනලිගේ සුරනිමල රොෂාන් ඩයස් නොහොත් සුරනිමල
