කුලියට ගත් වාහන උකස් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
මසික කුලී පදනම මත නවීන පන්නයේ වාහන ලබා ගෙන ඒවා දිවයිනේ විවිධ ප්රදේශවලට උකස් කිරීමේ ජාවාරමක් කරගෙන ගිය සැකකරුවකු ප්රදේශ තුනක උකස් කර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා වාහන තුනක් සමග අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනුරාධපුර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ.ජී.එස් බංඩාර ගේ ප්රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂ සිදු කෙරේ.