News

කෘෂිකර්මාන්තයේ මාෆියා 05ක් ක්‍රියාත්මකයි

කෘෂිකර්මාන්තයේ මාෆියා 05ක් ක්‍රියාත්මකයි

කෘෂිකර්මාන්තයේ මාෆියා පහක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. වී, සහල්, බීජ, පොහොර සහ එළවළු එම මාෆියා පහ බව ඇමැතිවරයා කියයි.

මෙම මාෆියා නතර කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවත් රටේ ජාතික අවශ්‍යතාවට අනුව වගා කටයුතු කිරීමට ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කරනබවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

රටට අවශ්‍ය එළවළු බීජ රට තුළම නිපදවීමට කටයුතු සූදානම් කරන අතර ලොකු ලූනු බීජ දඹුල්ලේ ගම්මානයක නිෂ්පාදනය කරන අතර, ඒ සඳහා එක් ගොවියකුට රුපියල් ලක්ෂ 25 ක් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා පවසයි.

රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 60,000 ක් මිලදී ගෙන ඇති බවත්, රජයේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් මිලදී ගැනීම බවත් ඇමැතිවරයා කියා සිටී.

 

සාලිය කුමාර ගුණසේකර