කේරළ ගංජා කිලෝ 141ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සිය භාරයට ගෙන තිබේ.
එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 42කට අධික බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානය මගින් ඊයේ (10) යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාකිරීමේදී, එම යාත්‍රාව තුළ මළු 04 ක පාර්සල් 52ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී එම කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සැකකරුවන් දෙදෙනෙකු 02 සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 31 යන වයස් වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.