කොන්ත්‍රාත් පදනම මත සිටින ලංගම සේවකයන් ස්ථිරයි
වසර 5 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ කොන්ත්‍රාත් පදනම මත සිටින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් ස්ථිර කරන ලෙස, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට දැනුම් දෙයි.
කාලාන්තරයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සඳහා එළඹෙන මැයි මාසයේ දී අදාළ විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රට පුරා ඇති උප ඩිපෝ බස් රථ ගාල් සඳහා පමණක් භාවිතා කරන ලෙස සහ ඒවාට අදාළ පරිපාලන කටයුතු ප්‍රධාන ඩිපෝ මඟින් පමණක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
පවතින රියදුරු සහ කොදොස්තරවරුන්ගේ පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභීන් තුළින් තෝරා ගන්නා සුදුසුකම් ලත් පුද්ගලයන් හැකි ඉක්මනින් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.