News

කොවිඩ් ආසාදිත යාචකයා රෝහලෙන් පැන ගිහින්

දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත යාචකයෙකු රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වේ.

දඹුල්ල නගරයේ ඇවිදිමින් සිගමනේ යෙදෙන යුවළක් ඊයේ (28) දින දඹුල්ල රෝහලට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ ඇති අතර එහිදී සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සිය බිරිඳ දමා රෝහලෙන් පැනගොස් ඇති බවත් එම පුද්ගලයාගේ ස්ථීර පදිංචිය සනාථ කර ගැනීමට නොහැකි බවත් ඔහු සප්පාන් චන්ද්‍රන් යන නමින් රෝහලට ඇතුළු වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසදිතව පැන ගිය යාචකයා සොයා දඹුල්ල පොලීසිය මෙහෙයුම් දියත් කර ඇති අතර නගරයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කර එම ආසාදිත යාචකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.